අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය. صحيح - رواه أبو داود والنسائي
explain-icon

විවරණය

සාමුහිකව සලාතය ඉටු කරන පිරිමින් හට පළමු පේළිය සම්පූර්ණ න කරන මෙන් ද පසුව ඊට පරව ඇති පේළිය සම්පූර්ණ න කරමින් ඒ අනුව අනෙකුත් පේළිද සකස් කර ගන්නා මෙන් ද පේළියක යම් අඩුවක් දුටුවේ නම් එම අඩුව අවසන් පේළියේ සකසන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කළහ.

explain-icon

හදීසයේ හරය

  • පේළි සමාන්තවර සකසා ගැනීමේ නබි පිළිවෙත පැහැදිලි කිරීම.
  • ඉදිරි පේළිවල හිඩැස් නොතිබීම සාමුහිකව සලාත් ඉටු කරන්නන්ගේ යුතුකමයි. ඒ වෙනුවට එහි අඩුව අවසන් පේළියේ සකස් කර ගත යුතුය.