ඉමාම් හෙවත් සලාතය මෙහෙයවන කෙනෙකු සමග සාමුහිකව සලාතය ඉටු කරන පුද්ගලයකුගේ කුසල් හා ප්‍රතිඵල ඔහුගේ නිවසේ හෝ ඔහුගේ රැකියා ස්ථානයේ ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා විසි පස් ගුණයකින් උතුම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව රාත්‍රියේ හා දහවලේ මලක්වරුන් ෆජ්ර් සලාතයේ දී රැස් වන බව ද එතුමාණෝ මෙනෙහි කළහ. පසුව අබූ හුරෙයිරා තුමා එයට සාක්ෂියක් ලෙස මෙසේ පවසා සිටියේය: ඔබ කැමති නම් මෙය පාරායනය කරන්න: "නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි දරනු ලබන්නක් විය." (අල්-ඉස්රා: 78) සැබැවින්ම ෆජ්ර් සලාතය වනාහි, රාත්‍රියේ පැමිණි මලක්වරු හා දහවල් කාලයේ පැමිණෙන මලක්වරු ඒ සඳහා පැමිණෙති.