මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් සත්වයකු පිට යමින් සිටිය දී එතුමාණෝ ‘අහෝ මුආද්!’ යැයි නැවත නැවතත් තුන්වරක්ම ඇමතූහ. එසේ එතුමාණෝ අමතා සිටියේ එතුමාණන් ඔහුට පවසන්නට යන දෑහි වැදගත්කම තහවුරු කරනු පිණිසය. ඒ සෑම අවස්ථාවකම "අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි මුආද් (රළියල්ලාහු අන්හු) තුමා පැවසීය. එනම් මම ඔබට ප්‍රතිචාරයෙන් පසු ප්‍රතිචාර දක්වමි. ඔබට ප්‍රතිචාර දැක්වීම මම අගය කරමි යන්නයි. කවර හෝ ගැත්තකු 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත, 'වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයා වේ- යැයි ව්‍යාජභාවයකින් තොරව තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරා එම තත්ත්වයේම ඔහු මිය ගියේ නම්, අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කළේය. එවිට මුආද් (රළියල්ලාහු අන්හු)තුමා "ජනතාව මෙම සුභාරංචිය ලබා සතුටු වනු පිණිස මෙය ඔවුනට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියේය. නමුත් ඔවුන් ඒ මත පමණක් රැඳෙමින් ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් අඩුවෙන් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ බිය වූහ. තමන් මිය යන්නට පෙර, දැනුම සැඟවීමේ පාපයට තමන් වැටෙනු ඇතැයි යන බියෙන් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාණන් මේ ගැන පසු කාලයේ පවසා සිටියේය.