මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම ජල තටාකයෙහි භාජන තරු හා ග්‍රහලෝක වලට වඩා අධික ව පවතින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිවුරා පවසා ඇත. ඒවා සඳ නැති අඳුරු රාත්‍රියෙහි දිස් වන්නාක් මෙනි. සද පවතින රාත්‍රියෙහි සඳුගේ ආලෝකය හේතුවෙන් ඒවා සැඟවී ඇති බැවින් ඒවා පැහැදිලිව නොපෙනේ. එමෙන්ම එහි වළාකුළු නැති රාත්‍රියෙහි දිස්වන්නාක් මෙනි, වළාකුළු පවතින්නේ නම් තාරකා දැක ගැනීමට අවහිර වේ. සැබැවින්ම ස්වර්ගයේ භාජන වනාහි, කවරෙකු එහි ඇති පානයෙන් පානය කළේ ද ඔහුට කිසිවිටෙක පිපාසය ඇති වන්නේ නැත. පානය කරන්නාට ඇති වන අවසාන පිපාසය එය වේ. සැබැවින්ම එම තටාකය වනාහි, එහි ස්වර්ගයෙන් වූ ජල පහරවල් දෙකක් ගලා යති. එහි පළල දිගට සමාන වේ. තටාකය කොන් වලින් සමාන වන අතර එහි දිග සිරියාවේ බල්කා හි නගරයක් වන අම්මාන් සහ සිරියා දේශයෙන් පිටත පිහිටි සුප්‍රසිද්ධ නගරයක් වන අයිලා අතර ඇති දුරට සමාන වේ. තටාකයේ ජලය කිරියට වඩා සුදෝවන් සුදුය. ඔහුගේ මිහිර මී පැණි සුවයට වඩා මිහිරිය.