ගෞරවණීය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට මෙසේ දන්වා සිටියහ. අවසන් කාලයේ මිනිසකුගේ මිණී වලක් වෙත තවත් මිනිසෙකු ගමන් කර එහි පස් මත පෙරළෙමින් ඔහුගේ ස්ථානයේ තමන් විය යුතු නොවේදැයි ප්රිය කරයි. එය ඔහුට අත්වී තිබෙන මෙලොව අර්බුදකාරී තත්ත්වයන් හා අධික පරීක්ෂණ හා පීඩාවන් හේතුවෙනි. එය මිය ගිය ඇත්තන්, මෙලොවෙහි ඇති අභාග්යයන් හා එහි පීඩාවන්ගෙන් ඉවත්ව සැනසුමෙන් සිටින බැවිනි. මෙම හදීසයේ මරණයට ආශා කිරීමක් සඳහන්ව නැත. එය දන්වා සිටිනුයේ අවසන් කාලයේ මෙවන් තත්ත්වයක් උදාවනු ඇතැයි යන්නයි.