මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා සියලු මැවීම්වලට ඉහළින් තම ප්‍රජාවේ මිනිසෙකු අල්ලාහ් තෝරා ගෙන ඔහු වෙත ලේඛන අනූ නවයක් ඉදිරිපත් කෙරෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එය ඔහු මෙලොවෙහි සිදු කරමින් සිටි ඔහුගේ නපුරු ක්‍රියාවන්හි පත්‍රිකා වේ. ඒ සෑම ලේඛනයකම දිග, ඇසට පෙනෙන දුරින් පවතී. පසුව සර්වබලධාරී අල්ලාහ් "මෙම ලේඛනවල සටහන් වී ඇති කිසිවක් හෝ ඔබ ප්‍රතික්ෂේප කරනවාද?" යැයි ඔහුගෙන් විමසයි. "ලියා සටහන් කරන මාගේ මලක්වරුන් ඔබට අසාධාරණයක් සිදු කර තිබෙනවා ද? යැයි ඔහුගෙන් විමසයි. එවිට එම මිනිසා: "නැත මාගේ පරමාධිපතියාණනි," යැයි පවසයි. සර්වබලධාරී අල්ලාහ්: "මෙලොවෙහි ඔබ ඉදිරිපත් කළ ක්‍රියාවන් සඳහා අමතක වීම හෝ අත්වැරදීම හෝ නොදැනුවත්කම වැනි හේතු දැක්වීමට කිසියම් නිදහසට කරුණක් ඔබට තිබේ ද?" යැයි විමසයි. එවිට එම තැනැත්තා: "නැත, මාගේ පරමාධිපතියාණනි, නිදහසට කිසිදු කරුණක් මට නැත" යැයි පවසයි. එවිට අල්ලාහ්: "එසේ නම්, සැබැවින්ම අප සතුව ඔබ වෙනුවෙන් වූ යහපතක් ඇත. අද දින ඔබට කිසිදු අසාධාරණයක් සිදු නොවේ" යැයි පවසයි. එවිට එහි "අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්අහදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් තුමාණෝ ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි.) යැයි සඳහන්ව ඇති පතක් නිකුත් කරනු ලැබේ. "ඔබේ තරාදිය ගෙන එන්නැ"යි සර්ව බලධාරී අල්ලාහ් එම තැනැත්තාට පවසයි. පසුව එම තැනැත්තා වික්ශිප්තියට පත්ව අහෝ මාගේ පරමාධිපතියාණනි, මෙම ලේඛන සමග මෙම බලපත්‍රයෙහි බර කුමක් වන්නේ ද? යැයි විමසයි. එවිට සර්වබලධාරී අල්ලාහ් "ඔබට කිසිදු අසාධාරණයක් කිසි විටෙක සිදු නොවේ" යැයි පවසයි. පසුව එම ලේඛන තරාදියේ එක් තට්ටුවක ද බල පත්ර්රය අනෙක් තට්ටුවේ ද තබනු ලැබේ. ලේඛන සහිත තට්ටුව සැහැල්ලු වී බරින් අඩු වී බලපත්ර සහිත තට්ටුව බරින් වැඩි වේ. පසුව අල්ලාහ් ඔහුට සමාව දෙයි.