අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන නො කළ තත්ත්වයක ඔහුව මුණගැසෙන්නේ ද, කිසිදු වරදක් ඔහුට හානියක් සිදු නොකරනු ඇත. තවද, ඔහුට කිසිවක් සමාන කළ තත්ත්වයක මිය යන්නේ ද, ඔහුට කිසිදු යහපතක් ප්‍රයෝජනවත් නොවනු ඇත." صحيح - رواه أحمد
explain-icon

විවරණය

කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන නො කර ඔහුගේ ඒකීයත්වය විශ්වාස කළ තත්ත්වයක ඔහුව මුණගැසෙන්නේ ද, ඔහුට අපා ගින්නේ ඔහුගේ පාපයක් හේතුවෙන් දඬුවම් දෙනු ලැබුව ද ඔහු ස්වර් ගවාසීන් අතරින් කෙනෙකු වේ. එමෙන්ම, කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන කළ තත්ත්වයක මිය යන්නේ ද, ඔහුගේ එම ෂිර් ක් (සමාන කිරීම) හේතුවෙන් ඔහුට කිසිදු යහපතක් ප්‍රයෝජනවත් නොවනු ඇත. ඔහුට ස්වර් ගය තහනම් වේ.

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ්ට යමක් ආදේශ කිරීම ගැන අවවාදය. එය වැරදි හා පාපකම් අතරින් බරපතල කරුණකි. සැබැවින්ම අල්ලාහ් එයට සමාව දෙන්නේ නැත.
  • දේවත්වය ඒකීය කරණයේ මහිමය. සැබැවින්ම එය කළ පාපයට දඬුවම් දෙනු ලැබූ පසුව වුව ද ස්වර් ගයට සේන්දු කරවනු ඇත.
  • මිය යන තෙක්ම ඒකදේවවාදී ප්‍රතිපත්තිය මත ම රැඳී සිටීමේ හා ඔහුට විරුද්ධව කිසිදු ආදේශක් නොකිරීමේ මහිමය.
explain-icon

අමතර