අබ්දුල්ලාහ් ඉබ්නු අකීම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු යමක් සම්බන්ධ කළේ ද ඒ වෙත ඔහු පවරනු ලැබේ.” හසන් ගණයට අයත් හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

කවරෙකු තම හදවතින් හෝ ක්රියාවෙන් හෝ ඒ දෙකින්ම හෝ යමක් වෙත යොමු වී එමගින් යහපත සැළසීම හෝ අනතුරු වළක්වා ගැනීම අපේක්ෂා කරන්නේ ද එය කවර කරුණක් මත සම්බන්ධ කළේ ද ඒ වෙතම අල්ලාහ් ඔහු ව පවරනු ඇත. එබැවින් කවරෙකු අල්ලාහ් සමග කරුණ සම්බන්ධ කළේ නම් ඔහුට ඔහු ප්රමාණවත් වන්නේය. සියලු අපහසුතාවලින් ඔහු ඔහුට පහසුව පිරිනමනු ඇත. නමුත් කවරෙකු අල්ලාහ් නොවන දෙයක් සමග සම්බන්ධ කරන්නේ ද අල්ලාහ් ඒ වෙත ඔහුව පවරන අතර ඔහුට අවමානයට ගෙන දෙනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ් නොවන දැයක් සමග සම්බන්ධ කිරීමේ තහනම.
  • සියලුම කටයුතු වලදී අල්ලාහ්ව සම්බන්ධ කිරීමේ අනිවාර්යයභාවය.
  • ආදේශ තැබීමේ හානිය හා එහි විපාකවල නපුර පැහැදිලි කිරීම.
  • සැබැවින්ම ප්රතිඵලය අදාළ ක්රියාවේ වර්ගයෙන්ම පිහිටයි.
  • සැබැවින්ම ක්රියාවෙහි ප්රතිඵල ක්රියාව ඉටු කරන්නාට යහපතක් හෝ අයහපතක් වශයෙන් නැවත හැරී එනු ඇත.
  • අල්ලාහ්ගෙන් හැරී ඔහු හැර වෙනත් අයගෙන් සෙත පතන්නාට අත්වන අවමානය.