මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේවත්වය විශ්වාස කළ තම ගැත්තා සමග වන හමුව ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේවත්වය විශ්වාස කරන ගැත්තා තම පරමාධිපති වෙත සමීප කරනු ලබන අතර, අන් කිසිවෙකුට එබී බැලිය නොහැකි සේ ආවරණය කරයි. එවිට ඔහුට මෙසේ පවසයි: පසුව 'ඔබ මේ මේ දේ දන්නෙහි ද?' යැයි විමසා, ගැත්තා හා ඔහුගේ පරමාධිපතියාණන් අතර සිදු වූ පාපයන් ඔහුට පිළිගන්නට සළස්වයි. එවිට ඔහු 'මාගේ පරමාධිපතියාණනි! එසේය' යැයි ඔහු පවසයි. අවසානයේ දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයා බිය වූ විට, අල්ලාහ් ඔහුට මෙසේ පවසයි: "මෙලොවෙහි සැබැවින්ම ඔබට එරෙහිව තිබූ දෑ මම වසන් කළෙමි. අද දින ඒවා වෙනුවෙන් ඔබට මම සමාව දුනිමි." පසුව ඔහුට ඔහුගේ යහපත් කුසල්හි පත්‍රිකාව දෙනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කළ තැනැත්තා හා කුහකයා වනාහි, 'අල්ලාහ්ට එරෙහිව බොරු කළවුන් මොවුහුය' යැයි පෙන්වා දෙමින් සියලුම මැවීම්වලට ඉහළින් ඔවුන් අමතනු ලබති. අපාරාධකරුවන් හට අල්ලාහ්ගේ ශාපය අත් නොවේ ද!