නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දජ්ජාල් පිළිබඳවත් තමන්ට පෙර වෙනත් කිසිදු නබිවරයකු දන්වා නොසිටි ඔහුගේ ගති ගුණ හා ඔහුගේ සළකුණු පිළිබඳවත් දන්වා සිටියහ. ඒ අතරින් කිහිපයක් මෙසේය: සැබැවින්ම ඔහු ඇසක් අන්ධ අයෙකි. සැබැවින්ම අල්ලාහ් ඔහුට ස්වර්ගය හා අපාය මෙන් ප්‍රතිරූපයක් ඇති කීරීමට හැකියාව ලබා දී ඇත. නමුත් ඔහුගේ ස්වර්ගය නිරයයි. ඔහුගේ නිරය ස්වරගයයි. කවරෙකු ඔහුට යටත් වූයේ ද මිනිසුන් දකින ස්වර්ගයට ඔහු ඇතුළත් කරනු ඇත. නමුත් එය පිළිස්සෙන ගින්නය. කවරෙකු ඔහුට පිටුපාන්නේ ද මිනිසුන් දකින නිරයට ඔහු ඇතුළත් කරනු ඇත. නමුත් එය සැපවත් ස්වර්ගයයි. පසුව නූහ් තුමා තම ප්‍රජාවට ඔහු ගැන අනතුරු ඇඟෙව්වාක් මෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද ඔහුගේ අර්බූදයන් ගැන අපට අනතුරු අඟවා සිටියහ.