නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල වටා ඇති නහර ද ඉදිමී තිබිණ. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: 'සැබැවින්ම මම වදනක් දනිමි. එය මහත්සේ කෝපයට පත් වූ මෙම තැනැත්තා පවසන්නේ නම්, කෝපය ඔහුගෙන් පහව යනු ඇත. ඔහු 'අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම අල්ලාහ් වෙත පතමි.) යැයි පැවසුවේ නම් මැනව.' යැයි පැවසුහ. එවිට එහි සිටි පිරිස ඔහුට: 'සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ් වෙත පතන මෙන් පවසා සිටියේ යැ'යි පවසා සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද?' යැයි පවසා සිටිය. ඔහු ඉන් අදහස් කළේ පිස්සු හැඳුණු අයකු මිස වෙනත් කිසිවකු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව නොපතන බවය.