නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියත වශයෙන්ම ෂෙයිතාන් අරාබි අර්ධද්වීපයේ සලාත් ඉටු කරන්නන් තමාට ගැතිකම් කිරීම පිළිබඳව බලාපොරොත්තු සුන් කර ගත්තේය. නමුත් ඔවුන් අතර අර්බුද පතුරුවාලීමෙහි ඔහු උපේක්ෂාවෙන් සිටියි." صحيح - رواه مسلم
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දැන්වා සිටියහ. "නියත වශයෙන්ම ඉබ්ලීස් අරාබි අර්ධත්වීපයේ සලාත් ඉටු කරන මුඃමින්වරුන් තමන්හට ගැතිකම් කිරීම හා පිළිමවලට වන්දනාමාන කිරීම සඳහා නැවත යොමු කර ගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු සුන් කර ගත්තේය. නමුත් ඔවුන් අතර තර්ක විතර්ක, ක්‍රෝධය, සතුරුකම, අර්බුධ යනාදිය පතුරුවාලීම සඳහා ඔහු වෙහෙසෙමින්, උපාය මාර්ග යොදමින් කටයුතු කරමින් සිටියි. ඒ ගැන ආශාවෙන් සිටියි."

explain-icon

හදීසයේ හරය

  • පිළිමවලට නැමදුම් කිරීම ෂෙයිතාන්ට නැමදුම් කිරීමකි. ඊට හේතුව ඒ සඳහා නියෝග කරන්නේත් ඇරයුම් කරන්නේත් ඔහු වන බැවිනි. ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ අල්ලාහ් කළ ප්‍රකාශය ඊට සාධකයක් වේ. එනම් "අහෝ පියාණනි! ෂෙයිතාන්ට ඔබ නැමදුම් නොකරනු....")
  • ෂෙයිතාන් උත්සාහ දරන්නේ මුස්ලිම්වරුන් අතර ආරවුල්, ක්‍රෝධය, අර්බුධ, ගැටුම් හා ප්‍රශ්න ඇති කිරීමටය.
  • ඉස්ලාමය තුළ සලාත් ඉටු කිරීමෙන් ලැබෙන තවත් එක් ප්‍රයෝජනයක් වනුයේ, මුස්ලිම්වරුන් අතර ආදරය හා කරුණාව සුරක්ෂිත වීමය. එය ඔවුන් අතර සහෝදරත්වයේ බැඳීම ශක්තිමත් කරයි.
  • ෂහාදතයින් හෙවත් ප්‍රතිපත්තිමය ප්‍රකාශ දෙකින් පසුව බලවත් ඉස්ලාමීය සංකේතය සලාතය වේ. මුස්ලිම්වරුන් හට මුසල්ලීන් (සලාත් ඉටු කරන්නන්) යන පදය භාවිතා කරනු ලැබ ඇත්තේ එබැවිනි.
  • අරාබි අර්ධද්වීපය යනු වෙනත් ප්‍රදේශවලට නොමැති විශේෂතාවන් එහි පිහිටා ඇත.
  • අරාබි අර්ධද්වීපයේ ඇතැම් තැන්වල පිළිම වන්දනාව පැවති බව පවසනු ලැබුවද, ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටියේ මෙසේය: "සලාත් ඉටු කරන්නන් තමාට නැමදීම ගැන අපේක්ෂාව නියත වශයෙන්ම ෂෙයිතාන් සුන් කර ගත්තේය." මෙය පෙන්වා දෙනුයේ, සැබැවින්ම ෂෙයිතාන් තුළ එවැනි බලාපොරොත්තු සුන් කර ගැනීමට හේතුව, ජයග්‍රහණ හා මිනිසුන් කණ්ඩායම් වශයෙන් දහම තුළට පිවිසෙනු ඔහු දුටු අවස්ථාවේදීය. ෂෙයිතාන්ගේ සිතුවිල්ල හා ඔහු තුළ ඇති වන අදහස් පිළිබඳ මෙම හදීසය දන්වා සිටියි. පසුව සර්වබලධාරී අල්ලාහ් අදහස් කළ ප්‍රඥාවට අනුව ඊට ප්‍රතිවිරුද්ධ ලෙසින් යථාර්ථය සිදු විය.