උඩඟුව හා අහංකාරයේ පහත්භාවය මෙම හදීසය දන්වා සිටියි. මෙම උඩඟුව හා අහංකාරය තම චරිතයන්හි ඉස්මතු වේ. එවිට ඔහු එහි අහංකාරයෙන් ක්රියා කරනු ඇත. තමන් අදින ඇඳුමෙහි, තම කතාවෙහි හා සියලු කරුණුවලදී එය ඉස්මතු වනු ඇත. අහංකාරයේ මෙවන් තත්ත්වයක් තිබී කවරෙකු සෙසු අය ගරුබුහුමන් ලැබීමට වඩා තමන් ගරුබුහුමන් ලැබීමට සුදුස්සකු යැයි සිතන්නේ ද එවිට සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ව මුණ ගැසෙන විට ඔහු කෙරෙහි කෝප වූවකු සේ ඔහු අල්ලාහ්ව මුණ ගැසෙනු ඇත.