මුස්ලිම්වරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ මෙන්ම එතුමාණන්ගෙන් පසු කුලෆාඋර් රාෂිදීන් හෙවත් ප්‍රධාන පාලකයන් සිව් දෙනාගේ කාලයේ ද ලොකු පොඩි සෑම කෙනෙකු වෙනුවෙන්ම ආහාර සාඃ එකක ප්‍රමාණයක් සකාතුල් ෆිත්ර් නිකුත් කරමින් සිටියහ. ඔවුන්ගේ ආහාර වූයේ බාර්ලි, වියලි මිදි මෙන්ම කැටි කිරි හා රට ඉඳි වලින් පිසූ අක්ත් හෙවත් ආහාර වර්ගය. සාඃ එකක ප්‍රමාණය මුද්දු හතරකි. මුද්දු යනු සාමාන්‍ය මිනිසෙකුගේ දෝත පිරෙන ප්‍රමාණයකි. කලීෆා වරයකු ලෙස මදීනාවට මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා පැමිණි කල්හි, සිරියාවේ තිරුගු අධිකව පැවතුනි. එතුමා දේශනයක් කරමින් මෙසේ පැවසූහ: ශාම් දේශීය ධාන්ය වර්ග මුද්දු දෙකක්, රට ඉඳි සාඃ දෙකකට සමාන වන බව මම සිතමි. එවිට ජනයා ද එය පිළිපදින්නට ගත්තෝය. අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා පවසා සිටියේ: මා ජීවත්ව සිටින තාක්කල් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ මා නිකුත් කරමින් සිටියාක් මෙන්ම දිගටම මම නිකුත් කරමින් සිටිමි.