රමළාන් උපවාසයෙන් පසු සකාතුල් ෆිත්ර් නිකුත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනිවාර්යය කළහ. එය සාඃ එකක ප්‍රමාණයකි. එය මුද්දු හතරක ප්‍රමාණයකි. මුද්දු යනු, සාමාන්‍යය මිනිසෙකුගේ දෝත පිරෙන්නට පුරවනු ලබන ප්‍රමාණයයි. එය වහල්, නිදහස්, පිරිමි, කාන්තා, කුඩා වැඩිහිටි යන සෑම මුස්ලිම්වරයකු මත නියම වන, රට ඉඳියෙන් හෝ තිරිඟුවලින් නිකුත් කරන දෑය. එය තමන් සතු දහවල් හෝ රාත්‍රී ප්‍රධාන ආහාර වේලකින් තමන් වෙනුවෙන් ද තමන්ගෙන් යැපෙන අය වෙනුවෙන් ද නිකුත් කරනු ලබන්නකි. උත්සව සලාතය වෙත ජනයා පිටත්ව යෑමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු යැයි එතුමාණෝ නියෝග කළහ.