ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එමෙන්ම මෙසේ ද පැවසූහ: “සැබැවින්ම එය යහපතක් ගෙන දෙන්නේ නැත. එය සිදු වන්නේ මසුරෙකුගෙනි” صحيح - متفق عليه
explain-icon

විවරණය

භාරහාර තැබීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එනම් දහම තමන් වෙත අනිවාර්යය නො කළ දෙයක් තමන් වෙත මිනිසා අනිවාර්යයකර ගැනීමය. සැබැවින්ම එම භාරහාරය කිසිවක් ඉක්මන් කරන්නේ හෝ ප්‍රමාද කරන්නේවත් හෝ නැත. එමගින් මතුවනුයේ අනිවාර්යය දෑ හැර වෙනත් කිසිවක් නො කරන මසුරෙකු පමණි. සැබැවින්ම භාරහාර තැබීම පෙර නියමය තුළ නොතිබූ කිසිවක් ගෙන එන්නේ නැත.

explain-icon

හදීසයේ හරය

  • භාරහාර තැබීම ආගමානුගත කරනු නො ලැබූවකි. නමුත් ‌යමෙක් භාරයක් තැබුවේ නම් එය පාපකාරී කටයුත්තක් නොවී නම්, එය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතුව ඇත.
  • එසේ තහනම් කිරීමට හේතුව "එය යහපතක් ගෙන දෙන්නේ නැති" බැවිනි. සැබැවින්ම එය අල්ලාහ්ගේ පෙර නියමයේ කිසිවක් වෙනස් නොකරනු ඇත. ඇතැම් විට භාරහාර තබන්නා තමන් ඉල්ලන දේ ලැබුණේ නම්, එම භාරයේ හේතුවෙන් එය සිදු වූවක් බව සිතනු ඇත. උත්තරීතර අල්ලාහ් එයින් පොහොසත් ය.
  • ඉමාම් කුර්තුබි තුමා මෙසේ පවසයි: මෙම තහනම් වන්නේ, උදාහරණයක් ලෙස: "අල්ලාහ් මාගේ රෝගී තත්ත්වය සුව කරන්නේ නම්, මම මෙවැනි පුණ්‍ය කර්මයක් ලබා දෙමි." යැයි කෙනෙකු පැවසීමයි. මෙහි දී පිළිකුල් සහගත වනුයේ ඉහත සඳහන් කළ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා එහි සඳහන් කරන ලද සමීපවීමේ ක්‍රියාව මත ඔහු පිහිටීම ය. ඔහු කළ ක්‍රියාවෙහි සර් වබලධාරි අල්ලාහ්ට සමීප වීමේ චේතනාව පමණක් ඔහුට නොතිබූණි. ඒ වෙනුවට, ඔහු යමක් ලැබීමේ මාර්ගයක් සොයන චේතනාවත් තිබුණි. ඉන් පැහැදිළි වන්නේ තම රෝගී තත්ත්වය සුව නොවුවහොත් තම සුවය හා බැඳුණු එම දානය ලබා නොදෙන බවයි. මෙය ලෝභී තත්ත්වයයි. ඔහුගේ ධනයෙන් ඔහු වැය කරනු ඇත්තේ ඒ වෙනුවට යමක් බලාපොරොත්තුවෙනි.