පළමුව, කෙනෙකු වැඩි වියට පත්වීමත් සමග අනාථයකු ලෙස නොසැලකේ. දෙවනුව. නිහඬව සිටිමින් රාත්රිය දක්වා අල්ලාහ් වෙනුවෙන් නැමඳුම් කිරීම අඥාන යුගයේ ජනයා පිළිපදිමින් ආහ. එහිදි ඔවුන් නිහඬව සිටියි. හිරු අවරට යන තෙක්ම කිසිවකු සමග කතා නොකරයි. එහෙයින් මුස්ලිම්වරු එයින් වැළකී සිටියේය. එය අල්ලාහ්ව තස්බීහ් කිරීම, තහ්ලීල් කිරීම, තහ්මීද් කීරීම, යහපත නියෝග කොට අයහපත් දැයින් වැළැක්වීම, අල් කුර්ආනය කියවීම හා වෙනත් කරුණු ඉටුකිරීමේ තත්ත්වයට එය අතහැර දැමීය. එමෙන්ම එය අඥාන යුගයේ ක්රියාවකි. එහෙයින් එය තහනම් කරන ලදී.