දිවුරා සිටින්නා බොරුකාරයෙක් යැයි තමන් දැන දැනම එම දිවුරුම තුළින් තවකෙකුගේ ධනය සූරා කෑම සඳහා කවරෙකු අල්ලාහ් මත දිවුරා සිටින්නේ ද ඔහු කෝපයට ලක් වූ අයකු සේ අල්ලාහ්ව ඔහු මුණ ගැසෙනු ඇත. එවිට අෂ්අස් ඉබ්නු කයිස් (රළියල්ලාහු අන්හු) තුමා සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි එය තමන් අතර හා යුදෙව් පුද්ගලයෙකු අතර භූමි භාගයක අයිතිය සම්බන්ධයෙන් වාදයක් වූ බව දන්වා සිටියේය. පසුව දෙදෙනාම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් තීන්දු පැතූ අතර එවිට එතුමාණෝ අෂ්අෂ් තුමාට මෙසේ පැවසුහ. "ඔබ වාද කරන දෑ සහතික කිරීම සඳහා ඔබට සාක්ෂි අවශ්‍යය. ඒ සඳහා ඔබ අපොහොසත් වූයේ නම්, ඔබට කිසිවක් නැත. නමුත් වාද කරනු ලබන්නා ඔබේ වාදයට දිවුරා සිටිනු ඇත." එවිට අෂ්අස් තුමා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එවිට එම යුදෙව් පුද්ගලයා කිසිදු පසුබට වීමකින් තොරව දිවුරා මාගේ ධනය ද රැගෙන යනු ඇත." එවිට එය සහතික කරමින් අල් කුර්ආනයේ ඒ ගැන පාඨයක් අල්ලාහ් පහළ කළේය. "සැබැවින්ම මිලට ගන්නා අය වනාහි" හුවමාරු කර ගන්නා අය වනාහි, "අල්ලාහ්ගේ ගිවිසුම" වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් දේවත්වය විශ්වාස කරන්නන් හට ඔහු කළ උපදෙස "සුළු මිලකට" මෙලොව අල්ප දෙයකට "ඔවුනට මතුලොවෙහි කිසිදු කොටසක් නැත." පංගුවක් නැත. "අල්ලාහ් ඔවුන් සමග කතා නොකරනු ඇත." ඔවුන් සතුටු වන පරිදි ඔවුනට ප්‍රයෝජනවත් වන පරිදි ඔහු ඔවුන් සමග කතා නොකරනු ඇත. ඔවුන් කෙරෙහි ඔහු කෝප වෙයි. "තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වෙත බලන්නේ නැත." ඔහුගේ කරුණාවේ හා සෙනෙහසේ බැල්මෙන්. "තවද ඔවුන්ව ඔහු පිවිතුරු කරන්නේ නැත." අලංකාර පැසසුමෙන්, ඔවුන්ගේ කිලිටි හා පාපකම් සඳහා සමාව දානය කිරීමෙන් ඔවුන්ව පිවිතුරු කරන්නේ නැත. "තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත." ඔවුන් සිදු කළ පාපකම් හේතුවෙන් වේදනා සහගත දඬුවමක් ඇත.