අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි. ඔවුන් නැග යන්නට ඔටුවෙකු ඔවුන්ට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිරිනැමීමේ අපේක්ෂාවෙන් හෙතෙම අල්ලාහ්ගේ දූතයාණන් වෙත තම ගෝත්‍රයේ පිරිසක් සමග පැමිණියේය. එය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා සහභාගී වීමට ය. පසුව එතුමාණෝ ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට ප්‍රවාහන පහසුකම් සළසා දිය නොහැකි බවත් ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා වන කිසිවක් තමන් සතුව නැති බවත් එතුමාණෝ දිවුරා පවසා සිටියහ. පසු ව ඔවුහු නැවත හැරී ගොස් ටික කලක් රැඳී සිටියහ. අනතුරුව ඔටුවන් තිදෙනෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගෙන එන ලදී. පසු ව එතුමාණෝ ඒවා ඔවුන් වෙත යැවූහ. එවිට ඔවුන් අතරින් ඇතෙමෙක් ඇතැමෙකුට: 'මෙම ඔටුවා තුළ අල්ලාහ් අපට සමෘද්ධිය පිහිටුවා නැත. ඊට හේතුව අපට ප්‍රවාහන පහසුකම් දෙන්නට නො හැකි බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිවුරා ඇති බැවිනි.' යැයි කීය. පසුව ඔවුහු එතුමාණන් වෙත පැමිණ එතුමාණන් ගෙන් මෙසේ විමසා සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්: "ඔබට ප්‍රවාහන පහසුකම් සළසා දුන්නේ උත්තරීතර අල්ලාහ්ය. ආශිර්වාද කොට පෝෂණය සළසන්නා ඔහුය. සැබැවින්ම මම වනාහි මාගේ දෑතින් එය ක්‍රියාත්මක වීමට හේතු සාධක වූ කාරණාවක් පමණි." යැයි පැවසුහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්: "සැබැවින්ම මම අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ් අභිමත කළේ නම් යමක් මා කිරීමට හෝ එය මා අත්හැරීමට හෝ දිවුරා පසුව එසේ දිවුරා සිටි දෑ නොවන, ඊට වඩා වෙනත් යහපත් හා ශ්‍රේෂ්ඨ යමක් දුටුවේ නම් එම ශ්‍රේෂ්ඨ දෑ ඉටු කර, දිවුරා සිටි දෑ අත්හැර දමා මාගේ දිවුරුම වෙනුවෙන් සමාව අයැද සිටිමි." යැයි පැවසුහ.