හුදෙයිබා දින ගස යට සිට රිළ්වාන් ප්රතිඥාව දිවුරුම් දුන් අය අරතින් කෙනෙකු වූ සාබිත් බින් අල්-ලහ්හාක් අල්-අන්සාරි තුමා නබි (සල්ලලල්හු අලෙයිහි වසල්ලම්) තුමාණන් අදහස් දැක්වූ දෑ පිළිබඳ මෙසේ වාර්තා කළේය. ‘මේ මේ දෑ සිදු වූයේ නම් එවිට තමන් යුදෙව්වෙකි, කිතුනුවෙකි, අග්නි ලබ්ධිකයෙකි යනුවෙන් හෝ දේව ප්රතික්ෂේපකයකි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගෙන් ඉවත් වූවෙකි’ යනුවෙන් පවසන්නාක් මෙන් ඉස්ලාම් පිළිවෙත නොවන දිවුරුමක් මත ව්යාජ ලෙස උවමනාවෙන්ම කවරෙකු දිවුරා සිටියේද ඔහු කවර දේව ප්රතික්ෂේපිත පිළිවෙතක් වෙත තමන්ව සම්බන්ධ කළේ ද එය මෙන්ම ඔහු විය. අසිපතකින් හෝ පිහියකින් හෝ තුවක්කුවකින් හෝ ඝාතනය කළ හැකි වෙනත් ආයුධයකින් හෝ වේවා එවැනි යම් දෙයකින් කවරෙකු සිය දිවි නසා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු එමගින් දඬුවම් කරනු ලබනු ඇත. කවරෙකු තමන්ට අයිති නොමැති යමක් උදාහරණ වශයෙන් මේ පුද්ගලයාගේ වහලා නිදහස් කරන බවට හෝ මේ පුද්ගලයාගේ ධනයෙන් කොටසක් පරිත්යාග කරන බවට තමන්ට අයිති නැති දෙයක් භාරහාර වශයෙන් තබන්නේ ද සැබැවින්ම එම භාරය වලංගු නොවන නිෂ්ඵල දෙයක් වන්නේය. ඊට හේතුව එහි නියම ස්ථානය ලබා නැති බැවින් හා එහි නියම ස්ථානය අනුමත නොවන බැවිණි. කවරෙකු දේව විශ්වාසියෙකුට දොස් නැගුවේ ද ඔහු ඔහුව ඝාතනය කළාක් මෙනි. ඊට හේතුව දොස් නගන්නා හා ඝාතකයා අල්ලාහ්ගේ තහනම උල්ලංඝණය කරමින් පාපය උපයාගෙන ගෙන දඬුවමට සුදුස්සකු වී ඇති බැවිණි. කවරෙකු තමන් සතුව නැති ධනය, දැනුම, පෙළපත, ගෞරවය, නිලය හෝ වෙනත් යම් දෙයක් සම්බන්ධව බොරුවට වාද කරමින් අහංකාර පාමින් අධිකත්වය සොයන්නේ ද ඔහුට අවමානය හා පහත්බව මිස අල්ලාහ් වැඩි කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම තමන් තුළ නැති දෙයකින් තමන්ව ඔසවා තබන්නට ඔහු සිතූ බැවිනි. එහෙයින් ඔහු අපේක්ෂා කරන වර්ගයෙන්ම ඔහුගේ ප්රතිවිපාකය පිහිටනු ඇත.