ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා කුඩා අවදියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එතුමාණන්ගේ පසුපසින් වාඩි වී (ගමන් යමින්) සිටියේය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට: අල්ලාහ් ඔබට ප්‍රයෝජනය ලබා දෙන කරුණු හා විෂයයන් කිහිපයක් මම උගන්වමි යැයි පවසා සිටියහ. ඔබ අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුගේ කරුණ ආරක්ෂා කරන්න. එය පාපකම් හා පිටුපෑම් තුළ නොව, අවනතවීම් හා සමීපවිම් තුළින් ඔබ ලැබිය යුතුය. ඔබ එසේ කළේ නම් ඔබේ ප්‍රතිඵලය වනුයේ මෙලොව හා මතුලොව පිළිකුල් සහගත දැයින් අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඔබ කොහේ සිටියත් ඔබගේ වැදගත් කටයුතුවල දී ඔහු ඔබට උපකාර කරනු ඇත. ඔබ යමක් ඉල්ලනට අපේක්ෂා කළ විට, අල්ලාහ්ගෙන් හැර වෙනත් කිසිවකුගෙන් නො ඉල්ලන්න. ඉල්ලා සිටින්නන් හට පිළිතුරු සපයන්නා ඔහු පමණය. ඔබ උදව් පතන්නට අපේක්ෂා කළ විට, අල්ලාහ් වෙතින් මිස වෙනත් කිසිවකුගෙන් උදව් නො පතන්න. සැබැවින්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන, එමෙන්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් හානියක් කිරීමට ඔවුන් ඒකරාශී වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන යන වග ඔබ තුළ ස්ථීර කර ගත යුතුය. එමෙන්ම මෙම කාරණය සර්වබලධාරී අල්ලාහ් විසින් නියම කරන ලද අතර, ඔහුගේ ප්‍රඥාව හා දැනුමට අවශ්‍ය දේ අනුව නියම කරන ලද වගත්, අල්ලාහ් නියම කර ඇති දෑහි කිසිදු වෙනසක් නොමැති වගත් ඔබ තුළ ස්ථීර කර ගත යුතුය.