මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම සියලු ආකාරයේ පාපකම් හා වැරදි සිදු කර ඇත්තෙමි. කුඩා හෝ වේවා විශාල හෝ වේවා ඒ කිසිවක් සිදු නොකර අත් නොහැරියෙමි. ඉතින් මට සමාව හිමිවනු ඇත්දැයි විමසා සිටියේය." එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට "ඔබ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරා නැති ද?" යැයි විමසා සිටියහ. එතුමාණෝ මෙය නැවත නැවතත් තුන් වරක් ඔහුට පවසා සිටියහ. එවිට ඔහු පිළිතුරු දෙමින්, "එසේය මම සාක්ෂි දරමි" යැයි පැවසීය. සාක්ෂියේ ප්‍රතිපත්තිමය ප්‍රකාශ දෙකෙහි මහිමය, පාපකම්වලට එය ප්‍රතිකර්මයක් වීම හා සැබැවින්ම "තව්බාව" නොහොත් පශ්චාත්තාපය එයට පෙර සිදු වූ සියල්ල විනාශ කර දමන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුට දන්වා සිටියහ.