අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, කිසිදු කුඩා හෝ මහා පාපයක් සිදු නොකර ඒ කිසිවක් අත් නොහැරියෙමි". එතුමාණෝ: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ සාක්ෂි නොදැරුවෙහි ද?" යැයි තුන්වරක්ම විමසා සිටියහ. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: සැබැවින්ම එය එය අභිබවා යනු ඇත. صحيح - رواه أبو يعلى والطبراني والضياء المقدسي
explain-icon

විවරණය

මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම සියලු ආකාරයේ පාපකම් හා වැරදි සිදු කර ඇත්තෙමි. කුඩා හෝ වේවා විශාල හෝ වේවා ඒ කිසිවක් සිදු නොකර අත් නොහැරියෙමි. ඉතින් මට සමාව හිමිවනු ඇත්දැයි විමසා සිටියේය." එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට "ඔබ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරා නැති ද?" යැයි විමසා සිටියහ. එතුමාණෝ මෙය නැවත නැවතත් තුන් වරක් ඔහුට පවසා සිටියහ. එවිට ඔහු පිළිතුරු දෙමින්, "එසේය මම සාක්ෂි දරමි" යැයි පැවසීය. සාක්ෂියේ ප්‍රතිපත්තිමය ප්‍රකාශ දෙකෙහි මහිමය, පාපකම්වලට එය ප්‍රතිකර්මයක් වීම හා සැබැවින්ම "තව්බාව" නොහොත් පශ්චාත්තාපය එයට පෙර සිදු වූ සියල්ල විනාශ කර දමන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුට දන්වා සිටියහ.

explain-icon

හදීසයේ හරය

  • ප්‍රතිපත්තිමය සාක්‍ෂි දෙකේ ශ්‍රේෂ්ඨත්වය. කවරෙකු එය හදවතින්ම, අවංක ව පවසන්නේ ද එය ඔහුගේ පාපකම් අභිබවා යනු ඇත.
  • ඉස්ලාමය, එයට පෙර ඇති වූ දේ මකා දමනු ඇත.
  • අවංක තව්බාව (පශ්චාත්තාපය) එයට පෙර ඇති වූ දෑ මකා දමනු ඇත.
  • ඉගැන්වීමේ දී යමක් නැවත නැවතත් ප්‍රකාශ කර සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මඟ පෙන්වීමකි.
  • ප්‍රතිපත්තිමය ප්‍රකාශයේ සාක්ෂි දෙකෙහි මහිමය. සදා කල් නිරයේ රැඳී සිටීමෙන්, මිදෙන්නට එය හේතුවක් වේ.
explain-icon

අමතර