නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. “මුස්ලිම්වරයකුට යම් ලෙඩක්, වෙහෙසක්, දුකක්, තැවුලක්, වේදනාවක් හෝ අධික කම්පනයක් ඇති වූ විටෙක එය කටුවක් ඇනීමෙන් වුව ද, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ වැරදි කමා කරනු මිස නැත.” صحيح - متفق عليه
explain-icon

විවරණය

මුස්ලිම්වරයකුට ලෙඩ රෝග, දුක් කම් කටොලු, සිත් තැවුල්, වේදනා, විපත්ති, අසීරුතා, බිය හා සාගිනි වැනි කම්පනයක් ඇති වූ විටෙක -එය කටුවක් ඇනී වේදනාවට පත්වීමෙන් වුව ද- ඒවා ඔහුගේ පාපකම්වලට ප්‍රතිකර් මයක් හා ඔහුගේ වැරදිවලට සමාවක් වන බව අල්ලාහ්ගේ දූතයාණෝ පැහැදිළි කරයි.

explain-icon

හදීසයේ හරය

  • තමන්ට හට ගන්නා කුඩා වේදනාවක් වුව ද, එය පාපයන්ට සමාව ලැබීමට හේතු සාධකයක් ලෙස පත් කිරීමෙන් අල්ලාහ් ඔහුව විශ්වාස කළ ගැත්තන් හට පිරිනමා ඇති භාග්‍යය හා ඔවුන් කෙරෙහි වූ ඔහුගේ කරුණාව පැහැදිලි කිරීම.
  • මුස්ලිම්වරයෙක්, තමන්ට හට ගන්නා විපත්තියට කුසල අල්ලාහ් වෙතින් අපේක්ෂා කළ යුතුය. කුඩා හෝ ලොකු හෝ වේවා සෑම පරීක්ෂණයකදීම ඉවසීමෙන් කටයුතු කළ යුතුය. එය ඔහුගේ තරාතිරම් උසස් වීමටත් පාපකම්වලට එය ප්‍රතිකර්මයක් වීමටත් හේතුවක් වනු ඇත.
explain-icon

අමතර