සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් ඔහුගේ ඇතැම් ගැත්තන් කෙරෙහි ප්‍රිය කරන බව, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඔවුන් අතරින් තක්වා හෙවත් බියබැතිකම ඇති පුද්ගලයා ද කෙනෙකි. එනම් ඔහු අල්ලාහ්ගේ නියෝග පිළිපදින, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නා වේ. ස්වාධීන තැනැත්තාට ද ඔහු ප්‍රිය කරයි. සර්වබලධාරී අල්ලාහ් හේතුවෙන් මිනිසුන්ගේ අවශ්‍යතාවන්ගෙන් ස්වාධීන වූ තැනැත්තා, ඔහු හැර වෙනත් කිසිවකු දෙසට යොමු නොවෙයි. නිහතමානී තැනැත්තාට ද ඔහු ප්‍රිය කරයි. අවංක, තම පරමාධිපතිතට නැමදුම් කරන, තමන්ට ප්‍රයෝජනවත් වන දෑහි නිරත වන, තමන්ව හඳුන්වා දීම ගැන හෝ තමන් ගැන සෙසු අය අගය කරමින් කතා කිරීම ගැන හෝ නොතකන නිහතමානී තැනැත්තාය.