සුදු ළූණු හෝ ළූණු හෝ අනුභව කර, මස්ජිදයට පැමිණීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. ඒවායින් හමන දුර්ගන්ධය හේතුවෙන් සමූහ සලාතය සඳහා සහභාගී වන තම සහෝදරයින් පීඩා නොවනු පිණිසය. එම තහනම මස්ජිදයට පැමිණිම ගැන අවවාදය මිස ඒවා අනුභව කිරීම සම්බන්ධයෙන් නොවේ. ඒවා අනුමත ආහාර වර්ග වේ. ලීක්ස් වැනි කොළ සහිත භාජනයක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගෙන එන ලදී. එහි ගන්ධය එතුමාණන්ට දැනුනු කල්හි, එය එතුමාණන් අනුභව නොකර සිටීමට හේතු දන්වා ඒවා අනුභව කිරීම සඳහා එතුමාණන්ගේ සහගාමියෙකුට පිළිගන්වූහ. ඔහු ද එය පිළිපදිමින් පිළිකුල් කළේය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ එය දුටු කල්හි, ඔහුට මෙසේ පැවසූහ: ඔබ අනුභව කරන්න. හේතුව සැබැවින්ම මම දිව්‍ය පණිවිඩ සම්බන්ධයෙන් මලක්වරුන් සමග කතා කරමි" යැයි පවසා සිටියහ. දුර්ගන්ධය හේතුවෙන් මිනිසුන් වේදනාවට පත්වන්නාක් මෙන්ම සැබැවින්ම මලක්වරු ද වේදනාවට පත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.