සලාතයේ වේලාව අතපසු වී යන තෙක්ම අනිවාර්යය සලාතය ඉටු කිරීමට අමතක වූ තැනැත්තා එය මතක් වූ වහාම එය ඉටු කිරීමට ඉක්මන් විය යුතු බවත් යුහුසුළු විය යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය අත්හැරීමේ පාපයට, මතක් වූ වහාම එය ඉටු කිරීම හැර වෙනත් ප්‍රතිකර් මයක් හා පිළියමක් නැත. අල්ලාහ් ශුද්ධ වූ අල්කුර් ආනයේ මෙසේ පවසයි: "මා මතක් වූ විට ඔබ සලාත් ඉටු කරන්න." (තාහා: 14) එනම්: අමතක වූ සලාතය එය මතක් වූ විට ඉටු කරන්න යන්නයි.