සලාතයේ දී ප්‍රාර්ථනා කරන අවස්ථාවේ හෝ වෙනත් අවස්ථාවක හෝ තම බැල්ම ඉහළට ඔසවා අහස දෙසට යොමු කරන්නන් හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූහ. පසුව එසේ සිදු කරන්නන්ට එරෙහිව එතුමාණන්ගේ එම හෙළා දැකීම හා අවවාදය ඉතා දැඩි විය. සැබැවින්ම එතුමාණන් ඔවුන්ගේ බැල්ම ඔවුන්ගෙන් පැහැර ගනු ලබනු ඇතැයි හා ඔවුන් නොසිතන අයුරින් ඉතා ඉක්මණින් එය ගනු ඇතැයි එතුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඔවුන් බැල්මෙහි ආශිර්වාදය අහිමි කර ගත්තෝ ය.