මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සලාත් ඉටු කළ ආකාරය මෙසේ විස්තර කළාය. එතුමාණන් 'අල්ලාහු අක්බර්' යැයි ආරම්භක තක්බීර් සමඟ සලාතය ආරම්භ කර සූරා අල්-ෆාතිහා පාරායනා කරන්නට ආරම්භ කළහ. එනම් "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්..." ය. එතුමාණන් 'කියාම්' ඉරියව්වෙන් රුකූඋ ඉරියව්වට ගිය විට, රුකූඋ ඉරියව්ව අතරවාරයේ එතුමාණන් තම හිස ඔසවා ගත්තේ නැති අතර පහත් කර ගත්තේ ද නැත. ඒ වෙනුවට ඍජුව සමාන්තරව තබා ගත්හ. රුකූඋ ඉරියව්වෙන් හිස එසවූ විට, සුජූද් කිරීමට පෙර සීරුවෙන් සිට ගත්හ. පළමු සුජූද් ඉරියව්වෙන් එතුමාණන් හිස ඔසවා ගත් විට, ඍජුව වාඩි වන තුරු දෙවන සුජූදය කළේ නැත. සෑම සලාත් වාර දෙකකින් පසුව 'අත්-තහය්යාතු වස්සලාතු වත්තය්යිබාතු..." යනුවෙන් තෂහ්හුද් පැවසූහ. එතුමාණන් සුජූද් දෙක අතර හෝ තෂහ්හුද් සඳහා හෝ වාඩි වූ විට තම වම් පාදය නමාගෙන ඒ මත වාඩි වී දකුණු පාදය ඔසවා තබා ගන්නට පුරුදුව සිටියහ. ෂෙයිතාන්ගේ ඉරියව්වෙන් වාඩි වීම එතුමාණෝ වැළැක්වූහ. එනම් තම පාද දෙකම පොළොවේ විහිදුවා තබා ගෙන ඔහුගේ විළුඹ මත වාඩි වීම හෝ තම තට්ටම් දෙක පොළොවට ඇළෙන සේ වාඩි වී තම කෙණ්ඩ දෙක සිටුවා තබා සුනඛයකු වැතිරී සිටින්නානක් මෙන් තම අත් දෙක පොළොවේ තබා වාඩි වීම එසේ නැතහොත් මෘග සතුන් දිගාවී සිටන්නාක් මෙන් සුජූද් හි තම අත් දෙක මගින් වාඩි වී සුජූද් හි ඒ දෙක විහිදුවා තබා ගැනීමය. තවද එතුමාණන් "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් වරක් දකුණු දෙසට හා තවත් වරක් වම් දෙසට හැරී සලාම් පවසා සලාතය අවසන් කළහ.