අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මරණය ළඟා වූ අවස්ථාවේ එතුමාණන් පවසා සිටි අන්තිම කැමැත්තෙහි පොදුවේ දක්නට ලැබූ ප්‍රකාශය වූයේ "සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!, සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!" යන්නය. එලෙස එතුමාණන්ගේ පපුවේ ගැස්ම උගුරට එන තෙක්ම එසේ සිදු කළහ. එතුමාණන්ගේ දිව ඒ බව උච්චාරණය කිරීමට නොහැකි තරම් විය. صحيح - رواه النسائي في السنن الكبرى وابن ماجه
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණ මංචකයේ සිටිය දී එතුමාණන් වැඩි වශයෙන් පවසා සිටි අන්තිම කැමැත්ත වූයේ ඔබ සලාතය පිළිපදින්න. එය සුරක්ෂිතව ඉටු කරන්න. ඒ ගැන නොසැලකිලිමත් නොවන්න. එමෙන්ම ඔබේ දකුණත හිමිකර ගත් වහලුන් හා කාන්තා වහලුන්ගේ අයිතිවාසිකම් ඉටු කරන්න. ඔවුන්ගේ හිමිකාරත්වය යහපත් ලෙස මෙහෙයවන්න. එතුමාණන්ගේ හුස්ම උඟුරට පැමිණෙන තෙක් මෙලෙස පවසමින් සිටියහ. එමෙන්ම තුමාණන්ගේ දිව ඒ ගැන පවසමින්ම තිබිණ.

explain-icon

හදීසයේ හරය

  • සලාතයේ වැදගත්කම හා හිමිකාරත්වයේ වගකීම. මන්දයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම අවසන් ප්‍රකාශයේ ඒ දෙක ගැන උපදෙස් දී ඇති බැවිනි.
  • ගැත්තන් වෙත පැවරුණු අල්ලාහ්ගේ වගකීම් අතරින් වැදගත්ම වගකීම වනුයේ සලාතයයි. තවද මිනිසුන් සතු අයිතිවාසියක්ම ඉටු කිරීමේ දී ඉතා වැදගත් වන්නේ ඔවුන් සතු වගකීම් ඉටු කිරීම, විශේෂයෙන් දුර්වල අය හා පවුලේ අයට අමතරව තමන් යටතේ සිටින උදවියගේ අයිතිවාසිකම් ඉටු කිරීම ය.
explain-icon

අමතර