සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සලාතයෙන් හැරුණු විට තුන් වරක් අල්ලාහ්ගෙන් සමාව අයැද, ‘අල්ලාහුම්ම අන්තස්-සලාම් ව මින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්’ යා අල්ලාහ් ඔබ ශාන්තය. ශාන්තභාවය ඔබෙන් වන්නකි. කීර්තියෙන් හා ත්යාගශීලී භාවයෙන් යුක්ත ඔබ උත්කෘෂ්ඨ විය.’ යැයි පවසා සිටියහ. වලීද් තුමා මෙසේ පවසයි: මම අව්සාඊ තුමාගෙන්, සමාව අයදින්නේ කෙසේදැ?යි විමසා සිටියෙමි. එතුමා: ඔබ "අස්තග්ෆිරුල්ලාහ් අස්තග්ෆිරුල්ලා" යැයි පවසන්න. (මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි, මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි.)යයි කීය. صحيح - رواه مسلم
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සලාතය අවසන් කළ විට අස්තග්ෆිරුල්ලාහ්, අස්තග්ෆිරුල්ලාහ්, අස්තග්ෆිරුල්ලාහ් (මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි) යැයි පවසා සිටියහ. පසුව "අල්ලාහුම්ම අන්තස්-සලාම් වමින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්" (යා අල්ලාහ් ඔබ ශාන්තය. ශාන්තභාවය ඔබෙන් වන්නකි. කීර්තියෙන් හා ත්‍යාගශීලී භාවයෙන් යුක්ත ඔබ උත්කෘෂ්ඨ විය.) යැයි තම පරමාධිපතිට එතුමාණෝ ගරුබුහුමන් කළහ. අල්ලාහ් වනාහි, ඔහුගේ ගුණාංවල ඔහු පරිපූර්ණය. සියලු අඩුපාඩුවලින් පිවිතුරුය. මෙලොව හා මතුලොව සියලුම හානිවලින් ආරක්ෂාව පැතිය යුත්තේ ඔහුගෙන් මිස වෙනත් අයගෙන් නොවේ. ඔහු සුවිශුද්ධය. දොලොවෙහි ඔහුගේ යහපත අධිකව ඇත. ඔහු බලධාරිත්වයේ හා ත්‍යාගශීලීත්වයේ හිමිය.

explain-icon

හදීසයේ හරය

  • සලාතයෙන් පසු පාපක්ෂමාවෙහි යෙදීම හා එහි අඛණ්ඩව නිරත වීම සතුටුදායකය.
  • නැමදුම්වලට ඇති අඩු පාඩු පූර්ණවත් කිරීම සඳහාත්, අවනත වීමෙහි එහි සිදු වූ පුරප්පාඩු පිරවීම සඳහාත් පාපක්ෂමාවෙහි නිරත වීම සතුටුදායකය.