නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හදීසුල් කුද්සි' හෙවත් දිව්‍ය වාක්‍යය සහිත හදීසයක උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කළ බව දන්වා සිටියහ. "අහෝ ආදම්ගේ පුතණුවනි! ඔබ මගෙන් ප්‍රාර්ථනා කර, කිසිදු අවිශ්වාසයකින් තොරව මාගේ ආශිර්වාදය ඔබ බලාපොරොත් වන්නේ නම්, ඔබේ පාපකම් හා වැරදි මහා පාපකම් අතරින් වුව ද මම ඒවා වසන් කරමි. ඒවා ගණන් නොගෙන මකා දමමි. අහෝ ආදම්ගේ දරුව! අහස් හා මහපොළොව අතර ඇති දෑ පිරෙන තරමට ඒවායෙහි පැතිකඩවල විසිරී එම ප්‍රදේශ ආවරණය වන තරමට ඔබ පාපකම් අධික ව සිදු කර පසුව ඔබ මගෙන් ඒ වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද සිටියේ නම් මම ඒවා මකා දමමි. එහි අධිකත්වය කොපමණ තිබුණත් ඒ ගැන නොතකා ඒ සියල්ල සඳහා මම ඔබට සමාව දෙමි. ආහෝ ආදම්ගේ පුතණුවනි! ඔබ මහපොළොව පිරෙන තරමට පාපකම් හා වැරදි කර, මට කිසිවක් ආදේශ නොකර මා පමණක් විශ්වාස කළ තත්ත්වයේ ඔබ මරණින් පසු ඔබ මා වෙත පැමිණියේ නම්, එම පාපකම් හා වැරදි සඳහා මහපොළොව පිරෙන්නට සමාව දානය කරමි. සැබැවින්ම මම සමාව දානය කිරීමෙහි අති මහත්ය. ෂිර්ක් හෙවත් මට ආදේශ තැබීමේ වරදට හැර සෙසු සියලු පාපකම්වලට මම සමාව දෙමි.