පාපකම් සඳහා සමාව දෙනු ලැබීමට හේතුවන, ඒවා සටහන් කෙරුනු ලේඛනයෙන් මකා දමන, ස්වර්ගයේ තරාතිරම් උසස් කරන ක්‍රියාවන් ගැන තමන් ඔවුනට දන්වා සිටීම ඔවුන් ප්‍රිය කරන්නේ දැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ගෙන් විමසා සිටියහ. සහාබාවරු: "එසේය අපි එය ප්‍රිය කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ මෙසේ පැවසූහ: පළමුවැන්න: අධික සීතල, ජලය හිඟ වීම, ශරීරයේ වේදනාව, උණුසුම් ජලය වැනි දුෂ්කර අවස්ථාවන්හි වුළූ දෝවනය නිසි අයුරින් සිදු කිරීම හා පරිපූර්ණ කිරීම. දෙවැන්න: නිවස දුරින් පිහිටි හේතුවෙන් මස්ජිදය වෙත යාමට අධික වශයෙන් පියවර තැබීම. නැවත නැවතත් එසේ අධික වාරයක් පියනැගීම. තුන්වැන්න: නියමිත වේලාව එනතුරු සලාතය අපේක්ෂාවෙන් සිටීම, හදවත ඒ සමඟ සම්බන්ධ කිරීම, ඒ සඳහා සූදානම් වීම, සාමුහික සලාතය බලාපොරොත්තුවෙන් මස්ජිදයේ වාඩි වී සිටීම එමෙන්ම ඔහු සලාතය ඉටු කළ විට ඔහු එය එය ඉටු කළ ස්ථානයේ ම අනෙක් සලාතය ද අපේක්ෂාවෙන් සිටීම ය. සැබැවින්ම මෙම කරුණු රැකවරණයක් බව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. හේතුව ආත්මය අවහිර කරමින් තිබෙන ෂෙයිතාන්ගේ මාර්ගයට එය බාධකයක් වන බැවිනි. ආශාවන් මැඩපවත්වන බැවිනි. කුකුස් පිළිගැනීමෙන් එය ආත්මය වළක්වන බැවිනි. එවිට එමගින් අල්ලාහ්ගේ සේනාව ෂෙයිතාන්ගේ සේනාවන් අබිබවා යනු ඇත. එය අති මහත් අරගලයකි. තවද එය සතුරාට එරෙහිව ලබා දෙන රැකවරණයක් වැනිය.