සැබැවින්ම අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප වදන් හතරක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කරයි: "සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුවිශුද්ධය): ඉන් අදහස් කරනුයේ සියලු අඩුපාඩුවලින් උත්තරීතර අල්ලාහ්ව පිවිතිරු කිරීමය. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය): එනම් අල්ලාහ්ට ආදරය කරමින් හා ගරුබුහුමන් කරමින් සියලු පූර්ණවත් ගුණාංග තුළින් ඔහුව වර්ණනා කිරීමය. "ලා ඉලාහ ඉල්ලලාහු" එනම්: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. "අල්ලාහු අක්බර්" එනම්: අල්ලාහ් සෑම දෙයකට වඩා කීර්තිමත්, බලවත් හා තේජාන්විතයාණන්. ඒවායෙහි මහිමය හා කුසල් ලැබීමට ඒවා අනුපිළිවෙලට උච්ඡාරණය කළ යුතු නැත.