නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “දිවට පහසු, තුළාවෙහි බරැති, මහා කාරුණිකයාණන්හට ප්‍රිය මනාප වදන් දෙකකි. සුබ්හානල්ලාහි වබිහම්දිහි, -අල්ලාහ් ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධය.- සුබ්හානල්ලාහිල් අළීම් - සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය." صحيح - متفق عليه
explain-icon

විවරණය

කිසිදු අසීරුතාවයකින් තොරව සෑම අවස්ථාවකම මිනිසාට පවසා සිටිය හැකි වදන් දෙකක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම ඒ දෙක තුළාවෙහි බරින් වැඩි වදන් දෙකක් වන අතර උත්තරීතර මහාකාරුණික අපගේ පරමාධිපතියාණන් ප්‍රිය කරන වදන් දෙකකි. එනම්: සුබ්හානල්ලාහිල් අළීම් - සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය." සුබ්හානල්ලාහි වබිහම්දිහි, -අල්ලාහ් ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධය.- යන වදන් දෙක ය. අල්ලාහ්ගේ පූර්ණවත්භාවය හා බලධාරිත්වය ඉදිරපත් කරමින් අල්ලාහ්ව වර්ණනා කිරීම හා සියලු අඩුපාඩු වලින් ඔහු ව පිවිතුරු කිරීම එම වදන් ඇතුළත් කර ගෙන ඇත.

explain-icon

හදීසයේ හරය

  • අතිමහත් දික්රය නම්, එය අල්ලාහ්ව පිවිතුරු කිරීම හා ඔහු ප්‍රශංසාවට ලක් කිරීම යන කරුණු දෙක ඒකාබද්ධ වූ දික්රය වේ.
  • අල්ලාහ් තම ගැත්තන් හට පෙන්වන ආදරයේ විශාලත්වය පැහැදිලි කිරීම. ඔහු සුළු ක්‍රියාවකට පවා ප්‍රතිඵල වශයෙන් මහත් සේ තිළිණ පිරිනමන්නාය.
explain-icon

අමතර