නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම ඔහුගේ මව වන උම්රා බින්ත් රවාහා (රළියල්ලාහු අන්හා) තුමිය එතුමාගේ පියාගෙන් ඔහුගේ ධනයෙන් ඇගේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරන ලද දෑ සම්බන්ධයෙන් විමසා සිටියාය. එය ඔහුට දුෂ්කර කාර්යයක් විය. වසරක් පමණ කාලයක් ගත විය. පසුව ඇගේ ඉල්ලීමට ඇයට පිළිතුරු දීම සඳහා ඔහු පෙළඹුණහ. පසුව ඔහුගේ දරුවා වන නුඃමාන්ට පරිත්‍යාග කළේය. එවිට ඇය මෙසේ පවසා සිටියාය: "මාගේ දරුවාට ඔබ පරිත්‍යාග කළ දෑ ගැන අල්ලාහ්ගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබ සාක්ෂිකරුවකු බවට පත් කරන තෙක් මම සෑහීමට පත් නොවෙමි." එදින මා කුඩා කොළු වියේ පසුවූයෙමි. මාගේ පියා මගේ අතින් අල්ලා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මොහුගේ මව වන බින්තු රවාහා ඇගේ දරුවාට මා පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔබව සාක්ෂිකරුවකු බවට පත් කිරීමට ඇය ප්‍රිය කරන්නීය" යැයි පැවසුවේය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ බෂීර්, මේ දරුවා හැර තවත් දරුවකු ඔබට සිටියි ද? යැයි විමසූහ. ඔහු: "එසේය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඒ සෑම කෙනෙකුටම මොහුට පිරිනැමූ දෑ හා සමානව පිරිනමා ඇත් ද?" යැයි විමසූහ. ඔහු "නැතැ"යි පිළිතුරු දුන්නේය. එතුමාණෝ "එසේ නම් කිසිවිටෙක ඔබ මා සාක්ෂිකරුවකු බවට පත් කර නොගන්න. සැබැවින්ම මා අපරාධයක් හා අසාධාරණයක් වෙනුවෙන් සාක්ෂි නොදරමි" යැයි පැවසූහ. මුස්ලිම්හි සඳහන් වාර්තාවක, එතුමාණෝ ඔහුට පිළිකුල් සහගත ලෙස මෙසේ පවසා සිටියහ: "එසේනම්, මේ වෙනුවෙන් ඔබ වෙනත් කෙනෙකු සාක්ෂිකරුවකු බවට පත් කර ගන්න." යැයි සඳහන්ව ඇත.