රාෆිඃ ඉබ්නු කදීජ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියහ. "සැබැවින් (සහගාමීන් වන) ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග දුල් හුලෙයිෆාහි සිටියෝය. එවිට මිනිසුනට කුසගිනි ඇති විය. (යුද පිටියේ දමා ගිය) මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ගේ ඔටුවන් හා එළුවන් ඔවුහු අත්පත් කරගත් අතර ඒවා බෙදා හැරීමට පෙර ඔවුන් ඉක්මන් වී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අවසර පැතීමට මත්තෙන් උන් කපා භාජනවලට දමා පිසීමට පිළියෙල කළෝය. ඒ වන විට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනිසුන් අතර අවසානයේ ගමන් කරමින් සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එම භාජන ගෙන එන්නැයි නියෝග කර පසුව ඒවායෙහි ඇති ව්‍යාංජන පෙරළා දමා, පසුව ඔවුන් අතර ඝනීමත් හෙවත් යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ බෙදා හැරියහ. එවිට එළුවන් දස දෙනෙක් එක් ඔටුවකුට සමාන කළහ. ඒ අතරින් ඔටුවකු පළා ගියේය. ඌ අල්ලා ගැනීමට හෝ හසුකර ගැනීමට හෝ ඔවුුනට අපොහොසත් විය. ඒ අතර අශ්වයින් සිටියේ සුළු පිරිසකි. ඔවුන් අතරින් මිනිසෙකු හීයක් අතට ගෙන විද්දේය. අල්ලාහ් ඌ නතර කළේය." පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පවසා සිටියහ: සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ සහජ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. එබැවින් මුන් අතරින් කිසිවක් හෝ ඔබ ව අබිබවා ගිය විටෙක, මූ හසුකර ගන්නට ඔබ අපොහොසත් වූ විටෙක උන් සමග කටයුතු කළ අයුරින්ම මුන් සමග ද කටයුතු කරන්න. තවදුරට රාෆි තුමා මෙසේ පැවසීය: "සැබැවින්ම අපි හෙට දින සතුරන් අපේක්ෂා කරන්නෙමු. සතුන් කපා හැරීමේ අවශ්‍යතාව තිබුණ ද ඒ සඳහා අපි අපගේ ආයුධ යොදා ගත්තේ නම් ඒවායෙහි මුවහතට හානියක් සිදු වෙතැයි අපි බිය වන්නෙමු. එමෙන්ම අප සතුව පිහි නැත. අපි වියළී ගිය හිස් බටවලින් උන් කපා හරින්න ද යැයි විමසීය." සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ: "ලේ වැගිරී යන්නටත් ගලා යන්නටත් සළස්වා, අධික ලෙස එය හැළී ගොස් ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ වනාහි, නුඹලා එය අනුභව කරන්න. නමුත් දතින් හෝ නියපොත්තෙන් එය නොවිය යුතුය. ඒ ගැන මම ඔබට ප්‍රකාශ කරන්නම්. සැබැවින්ම දත අස්ථියකි. නියපොත්ත ඉතියෝපියානුවන් භාවිතා කරන ආයුධයකි."