අං සහිත කළු සුදු මිශ්‍රිත පිරිමි බැටළුවන් දෙදෙනකු ඊදුල් අල්හා දින නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම අතින්ම කපා හැරිය බවත් එහිදී එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා සිටි බවත් එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූ බවත් අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.