ජුමුආ සලාතය සඳහා කල්වේලා ඇතිව උදෑසනම පියනැගීමේ මහිමය පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. කල්වේලා ඇතිව පිය නැගීමේ කාලය හිරු උදාවෙන් ආරම්භ වී ඉමාම් පැමිණෙන තෙක් පවතී. එය කාලවේලාවන් පහකි. හිරු උදාව හා ඉමාම් පැමිණ දේශනාව සඳහා මින්බර් වේදිකාව මතට නගින තෙක් එය කොටස් පහකට බෙදෙයි. පළමුවැන්න: කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය මෙන් ජුමුආ දිනයේ පරිපූර්ණ ලෙස ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු දන් දුන් අයකු මෙන් වන්නේය. දෙවැන්න: කවරෙකු දෙවැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු දන් දුන් අයකු මෙන් වන්නේය. තුන්වැන්න: කවරෙකු තුන්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු අං සහිත බැටළුවෙකු දන් දුන්නාක් මෙන් වන්නේය. සිව්වැන්න: කවරෙකු සිව්වැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු දන් දුන් අයකු මෙන් වන්නේය. පස්වැන්න: කවරෙකු පස්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බිත්තරයක් දන් දුන් අයකු මෙන් වන්නේය. දොරකඩ වාඩි වී, මුලින්ම මස්ජිදයට පිවිසෙන අයගේ නම්, ඉන් පසුව දොරකඩ වාඩිවී මස්ජිදයට පිවිසෙන අයගේ නම් සටහන් කරමින් සිටි මලක්වරුන්, ඉමාම් දේශනාව සඳහා (මින්බරය වෙත) පිටත්ව ගිය විට, දේශනාවට සවන් දීම සඳහා සහභාගී වෙති.