“කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද” ඉන් අදහස් කරනුයේ ජුමුආ සලාතය සඳහා ගන්නා වුළූ ධෝවනයයි. “එමගින්” එනම් එම සුන්නාව හා අවකාශය පිළිපැදීම තුළින් “එය යහපත් විය.” එනම් එම සුන්නාව පිළිපදිමින් සිදු කළ ක්රියාව යහපත් විය. එය ඒ මත වන අගය කිරීමකි. “කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.” ඉන් අදහස් කරනුයේ කවරෙකු වුළූ ධෝවනයත් සමග ජුමුආ දිනයේ ස්නානය කළේ ද එය වුළූ ගැනීමට පමණක් සීමා වීමට වඩා උතුම් වන්නේය යන්නයි. බහුතර විද්වත්හු දරණුයේ මෙම මතයයි. ඒ අතරින් ප්රධාන පෙළේ ඉමාම්වරු සිව් දෙනා ද වෙති. ඔවුනට ආධාරකයක් ලෙස පිහිටන මුස්ලිම්හි තවත් හදීසයක් මෙසේය. “කවරෙකු වුළූ ධෝවනය කර එම සේදීම ඉතා මැනවින් ඉටු කර පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව සිට එයට සවන් දුන්නේ නම් ජුමුආ වාරයේ සිට අනෙක් ජුමුආ වාරය දක්වා අතර වූ කාලයේ හා අමතරව තවත් දින දුනක් ද ඔහුට සමාව දෙනු ලැබේ.”