explain-icon

විවරණය

බිරිය, දෙමව්පියන් හා දරුවන් වැනි තමන්ගෙන් යැපෙන පවුලේ වෙනත් අය වෙනුවෙන් මිනිසෙකු වියදම් කළ විට, ඔහු එමගින් උත්තරීතර අල්ලාහ්ට සමීප වීම, හා තමන් වියදම් කළ දෑ සඳහා ඔහුගෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම 'සදකා' හෙවත් දානයේ ප්‍රතිඵල ඔහුට හිමි වේ.

explain-icon

හදීසයේ හරය

  • තම පවුලට වියදම් කිරීම තුළින් කුසල් හා තිළිණ හිමි වේ.
  • දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා, අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් ඔහු අබියස ඇති කුසල් හා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තම කටයුතුවල නිරත විය යුතුය.
  • සෑම ක්‍රියාවකම දැහැමි චේතනාව ඇති කර ගත යුතුය. ඒ අතරින් පවුලට වියදම් කරන අවස්ථාව ද එයට ආතුළුවිය යුතුය.