අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ වැය කළ දීනාරයක්, වහලුන් කෙරෙහි ඔබ වැය කළ දීනාරයක්, දුගියන් වෙනුවෙන් ඔබ දානය කළ දීනාරයක්, ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයක්. ඒවා අතරින් අතිමහත්ති ප්‍රතිඵල ගෙන දෙනුයේ ඔබ ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයයි." صحيح - رواه مسلم
explain-icon

විවරණය

වියහියදම් වර්ග කිහිපයක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙනෙහි කරමින් මෙසේ පැවසූහ: "අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම සඳහා ඔබ වැය කළ දීනාරයක්, වහලුන් කෙරෙහි ඔවුන් වහල්භාවයෙන් නිදහස් කිරීම සඳහා ඔබ වැය කළ දීනාරයක්, දුගියන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාව සඳහා ඔබ දානය කළ දීනාරයක්, ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරය්. ඒවා අතරින් අල්ලාහ් අභියස අතිමහත් ප්‍රතිඵල ගෙන දෙනුයේ ඔබ ඔබේ පවුල වෙනුවෙන් හා ඔබෙන් යැපෙන්නන් වෙනුවෙන් වැය කළ දීනාරයයි."

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ්ගේ මාර්ගයේ වැය කරන මාර්ග බොහෝමයක් ඇත.
  • වියදම් කිරීම බහුල වූ විට ප්‍රමුඛත්වය ලබා දිය යුතු වැය බර කිහිපයක් ඇත. ඒ සියලු දෙනාට වියදම් කිරීමට නොහැකි වුව ද, ඒ අතරින් තම පවුල වෙනුවෙන් වියදම් කිරීම ද එකකි.
  • නවවි තුමා 'ෂර්හ් මුස්ලිම්'හි මෙසේ පවසා සිටියි: "ළමුන් වෙනුවෙන් වියදම් කිරීමට දිරි ගන්වා ඇත. එහි හිමිවන කුසල් හි මහිමය ගැනද විස්තර කර ඇත. මක්නිසාදයත්, ඔවුන් අතරින් සමීප ඥාතීකම හේතුවෙන් ඔබ වියදම් කිරීමට අනිවාර්යය අය වන අතර ඔවුන් අතරින් වියදම් කිරීම අනිවාර්යය නොවු අය මෙන්ම දානයක් ලෙස හා ඥාතී සම්බන්ධකම් රැකීමක් ලෙස වියදම් කළ යුතු අය ද වෙති. එමෙන්ම විවාහය හා දිවුරුම වැනි දැයින් උරුම වූ දෑ වෙත අනිවාර්යය ලෙස වියදම් කළ යුතු අයද වෙති. මේ සියල්ල දිරිගන්වනු ලැබූ භාග්‍යවන්ත දෑ ය. සදකා අතරින් වඩාත්ම උතුම් වන්නේ මෙයයි.
  • අල් සින්දි තුමා මෙසේ පවසයි: "දරුවන් වෙනුවෙන් වියදම් කරන දීනාරය" එනම් එය අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා දරුවන්ගේ යුතුකම් ඉටු කිරීමේ චේතනාවෙන් වියදම් කළ විටය.
  • අබූ කිලාබා තුමා මෙසේ පවසයි. "තුඩා දරුවන් වෙනුවෙන් වියදම් කරන, ඔවුන් නිර්මල බවට පත් කරන, ඔහු තුළින් අල්ලාහ් ඔවුනට සෙත සළසන, ඔවුන්ව පොහොසත් කරන මිනිසෙකුට වඩා ප්‍රතිඵලයෙන් කවර මිනිසෙකු උතුම් වනු ඇත් ද?
explain-icon

අමතර