උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියි. එනම්, ඔහු: "අහෝ ආදම්ගේ පුතුනි! -ඔබ අනිවාර්යය මෙන්ම සතුටුදායක වියහියදම්- වියදම් කරන්න. ඔබට සමෘද්ධිය ඇති කරනු ලබන අතර ඒ වෙනුවට ඔබට අධිකව පිරිනමනු ලැබේ. එමෙන්ම ඔබට එහි අභීවෘද්ධිය ද ඇති කරනු ලැබේ."