අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් අල්-කසරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ වගකීම තුළ වෙයි. ඔහුගේ වගකීම තුළ පවතින කිසිවක් ගැන අල්ලාහ් ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැත. ඔහුගේ වගකීම තුළ පවතින යමක් සම්බන්ධයෙන් ඔහු කවරෙකුගෙන් ප්‍රශ්න කර සිටියේ ද ඔහු ඔහුව ග්‍රහණය කර මුණින් අත පෙරළා අපා ගින්නට ඇදගෙන යනු ඇත.” صحيح - رواه مسلم
explain-icon

විවරණය

කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේ ද ඔහු අල්ලාහ්ගේ වගකීම, රැකවරණය හා ආරක්ෂාව තුළ සිටින බවත්, ඔහු ව අල්ලාහ් ආරක්ෂා කොට ඔහුට උදව් කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. පසුව මෙම ගිවිසුම කඩ කිරීම හා එය නිෂ්ඵල කිරීම ගැන එතුමාණෝ අවවාද කළහ. එය ෆජර් සලාතය අත්හැරීමෙන් විය හැක. එසේ නැතහොත් සලාත් ඉටු කරන්නාට බාධා කිරීමෙන් හා ඔහුට විරුද්ධ වීමෙන් විය හැක. කවරෙකු එලෙස කටයුතු කළේ ද ඔහු එම බැඳීම විනාශ කළේය. අල්ලාහ් ඔහුගෙන් අපේක්ෂා කරන ඔහුගේ අයිතිය ගැන ඔහු නොසළකා හැරිය බැවින් එම දැඩි අවවාදයට ඔහු සුදුසුකම් ලබනු ඇත. කවරෙකුගෙන් අල්ලාහ් අපේක්ෂා කළේ ද ඔහුව ග්‍රහණය කර පසුව අපා ගින්නේ මුණිනතට හෙළනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • ෆජ්ර් සලාතයේ වැදගත්කම හා එහි මහිමය පැහැදිලි කිරීම.
  • ෆජ්ර් සලාතය ඉටු කරන්නාට අහිත කරන අයුරින් බාධාකිරීම ගැන දැඩි අවවාදය.
  • තම ධාර් මික ගැත්තන්හට බාධා කරන අයට උත්තරීතර අල්ලාහ් සමප්‍රතිචාර දැක්වීම.
explain-icon

අමතර