අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ සුහෙයිර් උමාරා ඉබ්නු රුඅයිබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත." صحيح - رواه مسلم
explain-icon

විවරණය

"ෆජ්ර් සලාතය හා අසර් සලාතය ඉටු කරන, එහි නිරන්තරයෙන්ම නියැළෙන කිසිවකු හෝ වේවා, ඔහු අපා ගින්නට පිවිසෙන්නේම නැතැ"යි අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා සිටියහ. මෙම සලාත් දෙක විශේෂයෙන්ම පවසා ඇත්තේ, සැබැවින්ම ඒ දෙක සලාත් අතරින් වඩාත් දුෂ්කර අවස්ථා දෙකක වන බැවිනි. සැබැවින්ම සුබ්හු සලාතයේ වේලාව නින්දට වැටී ඇති එහි සුවය විඳින වේලාවය. අසර් සලාතයේ වේලාව දහවල් කාලයේ ව්‍යාපාර කටයුතු සිදු කරමින් සේවාවන්හි නිරතවෙමින් කාර්යබහුලව සිටින අවස්ථාවය. එම දුෂ්කරතා සමගම කවරෙකු මෙම සලාත් දෙක පිළිපදින්නේ ද සෙසු සලාතයන් ඉටු කිරීමට (ඔහුට) හැකි වනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • සුබ්හු හා අසර් සලාත් දෙකේ මහිමය. ඒ දෙක ප්‍රවේසමෙන් අඛණ්ඩව ඉටු කළ යුතු වේ.
  • කවරෙකු මෙම සලාත් ඉටු කළේ ද ඔහු නැමදුමට ප්‍රිය කරන බැවින් ඔහුගේ සිත මැලිකමින් හා මුහුණිච්ඡාවෙන් බොහෝ විට මිදෙනු ඇත.
explain-icon

අමතර