අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දී අතැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුව අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද?" යැයි විමසූහ. ඔවුහු: "ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ නැත." යැයි පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “පස් වාර සලාත්හි උපමාවද එලෙසය. එමගින් අල්ලාහ් වැරදි මකා දමනු ඇත.” صحيح - متفق عليه
explain-icon

විවරණය

සෑම රාත්‍රියකම හා දහවලකම ඉටු කරනු ලබන පස්වාර සලාතය, සුළු වැරදි හා පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වීම හා ඒවා ඉවත් වීමට හේතුවීම අතින් මිනිසකු තම දොරටුව අසළින් ගලා යන ගඟක සෑම දිනකම පස් වරක් ස්නානය කර ඔහුගේ ශරීරයේ කිසිදු කිලිට්ටක් ඉතිරිව නොපැවතීම උපමා කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ.

explain-icon

හදීසයේ හරය

  • මෙම භාග්‍යය විශේෂයෙන් සුළු පාපකම්වට පමණක් ප්‍රතිකර්මයක් වීම. මහා පාපයන් සඳහා අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැද සිටිය යුතු වේ.
  • පස්වාර සලාතය ඉටු කිරීමේ මහිමය. ඒවායෙහි කොන්දේසී, මූලිකාංග, අනිවාර්යය හා වෛකල්පිත දෑ පිළිපදිමින් එය ප්‍රවේසමින් ඉටු කිරීමේ මහිමය.
explain-icon

අමතර