සහාබිවරයකු වූ ජරීර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා ඒකදේවවාදී විශ්වාසය කෙරෙහි ද, දිවා රෑ අනිවාර්යය කරන ලද පස්වාර සලාත්, ඒවායෙහි කොන්දේසි, මූලිකාංග, අනිවාර්යය හා වෛකල්පිත කරුණු පිළිපදිමින් ඉටු කිරීමට ද, නියම කරන ලද සකාත් නිකුත් කිරීමට ද, එය අනිවාර්යයවූ මූල්‍යමය නැමදුමක් වන අතර පොහොසතුන්ගෙන් ලබා සුදුසුකම් ලබන දිළිඳුන් හා වෙනත් අයට පිරිනමන නැමදුමකි. කටයුතු භාර උදවියට අවනත වීමට ද සෑම මුස්ලිම්වරයෙකුටම ඔහුගේ ප්‍රයෝජනය සහතික කිරීමට, ඔහුට යහපත ගෙන දීමට සහ වචනයෙන් හා ක්‍රියාවෙන් ඔහුගෙන් අයහපත පලවා හැරීමට උපදෙස් දීමට ද තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ප්‍රතිඥා දී ඒ සමග බැඳී කටයුතු කරන බවට දන්වා සිටියේය.