අරාක් නම් ගසේ දැහැටියෙන් හෝ එවැනි වෙනත් යමකින් දත් පිරිසිදු කරන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අපට දැනුම් දුන්හ. එය කට තුළ ඇති අපවිත්‍ර දෑ හා පිළිකුල් සහගත ගන්ධය පිරිසිදු කරනු ඇත. සැබැවින්ම එය ගැත්තා ගැන අල්ලාහ් තෘප්තිමත් වීමට හේතුවක් ද වන්නේය. සැබැවින්ම එහි අල්ලාහ්ට අවනත වීමක් හා ඔහුගේ නියෝගය ප්‍රිය කිරීමක් ඇත. එමෙන්ම උත්තරීතර අල්ලාහ් ප්‍රිය කරන පරිදි පිරිසිදු කම ද එහි පවතී.