ඉස්ලාම් දහමින් වූ හා දූතවරුන්ගේ පිළිවෙත් අතරින් වූ කරුණු පහක් සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ: ඒවායින් පළමුවැන්න: චර්මඡේදනයයි. එනම් පුරුෂ ලිංගයේ මුණ්ඩයට ඉහළින් වැසී ඇති අමතර හම් කොටස කපා හැරීම හා කාන්තාවගේ යෝනි මාර්ගයට ඉහළින් වැසී ඇති හම් කොටස ඉවත් කිරීමය. දෙවැන්න: ලිංගාශ්‍රිත රෝම බෑම. එනම්, ලිංගය අවට වැවී ඇති රෝම බෑමය. ඒවායින් තුන්වැන්න: උඩු රැවුල කැපීම, එනම්: පිරිමියකුගේ උඩු තොලට ඉහළින් වැවී ඇති රැවුල, තොල පෙනෙන සේ කපා හැරීමය. සිව්වැන්න: නියපොතු කැපීම. පස්වැන්න: කිහිලි රෝම ඉවත් කිරීම.