අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීම සම්බන්ධයෙන් මම ඔබලාට වඩා අධික උනන්දුවක් දරමි.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මෙම හදීසයේ තේරුම: සැබැවින්ම සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දත් පිරිසිදු කිරීමේ දැහැටිය භාවිතා කිරීම සම්බන්ධයෙන් හා එහි අඛණ්ඩව නිරතව සිටීම සම්බන්ධයෙන් එතුමාගේ සෙසු සමූහයාට වඩා ඒ ගැන වැඩි උනන්දුවක් දක්වා ඇත්තාහ. එය වඩාත් සතුටු දායක ක්රියාවක් මිස බලකිරීමක් නොවේ. එය, එහි ඇති ප්රයෝජන හා අතිමහත් මහිමයන් හේතුවෙනි. එහි වැදගත්කම හේතුවෙන් සැබැවින්ම තමන් පරමාධිපතිගේ පිළිගැනීමට ලක් වන්නේය.

explain-icon

අමතර