explain-icon

විවරණය

නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අධික ලෙස තම මුඛය පිරිසිදු කර ගන්නා අයකු වූ අතර ඒ ගැන ජනයාට ද ‌නියෝග කර ඇත. ඇතැම් අවස්ථාවන්හි එය වඩාත් වැදගත් වන්නේය. ඒ අතරින් රාත්‍රියේ නින්දෙන් අවදි වූ අවස්ථාවේ මුඛය පිරිසිදු කර ගැනීම ද එවැනි අවස්ථාවකි. එහි දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මිස්වාක් දැහැටියෙන් හොදින් මැද තම මුඛය පිරිසිදු කර ගත්හ.

explain-icon

හදීසයේ හරය

  • රාත්‍රී නින්දෙන් පසු කට පිරිසිදු කිරීම වඩාත් වැදගත් ආගමික කටයුත්තකි. ‌ඊට හේතුව සැබැවින්ම නින්ද මුඛයේ ගන්ධයක් ඇති කරනු ඇත. මිස්වාක් (දැහැටිය හෝ බුරුසුව) එය පිරිසිදු කිරීමේ උපකරණයයි.
  • ඉහත කී අදහස අනුව කටේ දුර්ගන්ධය ඇතිවන සෑම අවස්ථාවකම දත් මැද පිරිසිදු කර ගැනීම වඩාත් වැදගත් ආගමික කරුණකි.
  • පිරිසිදුකම පොදුවේ ආගමානුකූල කරුණකි. ඇත්තෙන්ම එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සිරිතක් වූ අතරම උදාර ආචාර විධියකි.
  • මුඛය පිරිසිදු කිරීම යන ප්‍රකාශය තුළ දත්, විදුරුමස් හා දිව මැදීම ද ඇතුළත් වේ.
  • සිවාක් යනු 'අරාක්' හෝ ‌එවැනි වෙනත් ගසකින් කපා ගන්නා ලද දැහැටියකි. එය මුඛය හා දත් පිරිසිදු කිරීමට යොදා ගනියි. එය මුඛය පිරිසිදු කරන අතරම දුර්ගන්ධය ඉවත් කරයි.
explain-icon

අමතර